ආරවුල් විසඳීම, පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නීතිය අර්ථ නිරූපණය කිරීම සහ පුරවැසියන් සහ රජයන් යන දෙකම වගකිව යුතු බවට පත් කිරීම යන ක්‍රියාවන්හිදී ඒ ඒ නඩු අරඹයා අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් යුක්තිය පසිඳලම සහ සමාජ පිළිවෙල පවත්වාගෙන යෑම සිදුකරන මධ්‍යස්ථ සංසදයක් ලෙස අධිකරණය ක්‍රියාත්මක වේ. එබැවින් අධිකරණය රාජ්‍යයේ සුවිශේෂී අංගයකි.
නීතිය සහ නීතිය බලාත්මක කරමින් යුක්තිය පසිඳලීම සහ සමාජ පිළිවෙල පවත්වාගෙන යෑම යන ක්‍රියාවන්හි දුර්වලතා පිළිබඳ සමාජ කථිකාවත් නිතර ඇති වේ. මෙම වෙබ් අඩවිය ආරම්භ කර ඇත්තේ නීතියේත්, යුක්තිය පසිඳලීම සහ සමාජ පිළිවෙල පවත්වාගෙන යෑම යන ක්‍රියාවන්හිත් ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණිනි.
මෙම වෙබ් අඩවිය තවමත් සැකසෙමින් පවතියි. අතිරේක පිටු නුදුරේදී එක් කෙරෙනු ඇත. එතෙක් ඔබගේ සහයෝගය මෙසේ අපේක්ෂා කරමු:
- "සම්බන්ධ වන්න" පිටුවට ගොස් අපගේ සන්නිවේදන නාලිකා සමඟ එක්වන්න. එවිට අපගේ දැන්වීම් ඔබ වෙත පහසුවෙන් එවිය හැක.
- ඔබගේ අදහස් අප වෙත දන්වන්න.
අප සමඟ එක්වන්න
අපගේ සන්නිවේදන නාලිකාවන් සමඟ සම්බන්ධ වන්න.
අධිකරණ යන නම භාවිතය
"අධිකරණ" යන වචනය විවිධ අර්ථවලින් භාවිතා වේ. එහි එක් අර්ථයක් නම් "නඩු" යන්නයි. නඩු විභාග කෙරෙන ස්ථාන හැඳින්වීමට ද අධිකරණ යන වචනය භාවිතා කෙරේ. නඩු පිළිබඳවත්, නඩු විභාග කෙරෙන ස්ථාන සහ එම ස්ථානවල සිදුවන ක්‍රියාවන් පිළිබඳවත් මෙම වෙබ් අඩවියේ සඳහන් වූවත් මෙම වෙබ් අඩවිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීතියකින් ස්ථාපිත කර ඇති නඩු විමසන ආයතනයකට අයත් නොවේ. තව ද මෙම වෙබ් අඩවිය රජය හෝ රාජ්‍යය විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් ද නොවේ. වෙබ් අඩවියේ නාමය 'නඩු' යන අර්ථයෙන් භාවිතා කෙරේ. වැරදි වැටහීම් ඇතිකරගැනීම වැළැක්වීම සඳහා මෙම සටහන තබා ඇත.